
තැලසීමියාව පිළිබඳ දැනුවත් වෙමු
එක් ජීවිතයක් වෙනස් කිරීමට අපත් සමඟ එක්වන්න
දැන් දායක වන්න
තැලසීමියාව යනු කුමක්ද?
ජීවත් කරවීම සඳහා, සිය ජීවිත කාලය පුරාම මසකට 02 වරක් බැගින් රුධිරය පිටතින් ලබා දිය යුතු ව්‍යාධි තත්ත්වයකි.
තැලසීමියාවෙන් (Thalassemia) පෙළෙන්නෙකුගේ රතු රුධිර සෛල සාමාන්‍ය අයෙකුට වඩා වේගයෙන් ක්ෂය වීම සිදු වේ. මෙය රක්තහීනතාවයකි. මෙය පරම්පරාවෙන් ජාන මාර්ගයෙන් දෙමව්පියන්ගෙන් දරුවන්ට සම්ප්‍රේෂණය වේ.
- රතු රුධිර සෛල වේගයෙන් ක්ෂය වීම
- රුධිරයේ හීමොග්ලෝබින් මට්ටම අඩු වීම
- වර්ධනය මන්දගාමී වීම සහ සෞඛ්‍ය ගැටලු
- මසකට 02 වරක් රුධිර මාරු කිරීම අවශ්‍ය වීම
- 2500කට අධික රෝගීන් රජයෙන් නඩත්තු කෙරේ
- ප්‍රධාන හා ප්‍රාදේශීය තැලසීමියා ඒකක 15ක් පමණ
- ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 5% ක් වාහකයින්
- පලස්තීනයේ ජනගහනයෙන් 10% ක් වාහකයින්
තැලසීමියාව සඳහා ප්‍රතිකාර කුමක්ද?
තැලසීමියාව සඳහා ප්‍රතිකාර විකල්ප තුනක් පවතී
ස්ථීර ලෙසම ජීවිතය බේරාගත හැකි වන්නේ - ඇටමිදුළු බද්ධ කිරීමේ ශෛල්‍ය කර්මයකින් ය. ශ්‍රී ලංකාව තුළ දී රු. මිලියන 14 පමණ වැය වේ. ඉන්දියාව වැනි රටක දී රු. මිලියන 20 අධික වේ.
සටහන: 100% ඇටමිදුළු ගැලපුම් දායකයින් ද අවශ්‍ය වේ
පොදු ප්‍රතිකාර ක්‍රමයකි. මසකට 02 වරක් බැගින් අඛණ්ඩව ජීවිත කාලය පුරාම රුධිර බැඳවීම් රුධිරය සැපයිය යුතු ය.
වියදම: වාර්ෂිකව එක් රෝගියෙකුට රු. ලක්ෂ දහයකට ආසන්න
ශ්‍රී ලංකාව තුළ දැනට භාවිත නොවන ජාන තාක්ෂණික (Zynteglo) ආදී ක්‍රමයක් මගින් වයස සීමාව ඉක්මවූවන්ගේ පවා ජීවිතය බේරාගත හැකි වේ. ග්‍රීසිය, ඉතාලිය වැනි රටවල තැලසීමියාව ජය ගෙන ඇත.
වියදම: US$ 2.8M (එක් රෝගියෙකු සඳහා)
අවම වශයෙන් රෝගී වියදම් සහ උපකරණ
උදාහරණ මත පදනම් වූ වියදම්
අප අමතන්න
අපි ඔබේ සේවය සඳහා සැමවිටම සූදානම්
P/A - වදාකඩ, කුරුණෑගල
National Thalassemia Center
Teaching Hospital, Kurunegala